2025 ජර්මානු එක්සත් දිනය කොළඹදී සැමරේ

සැප්තැම්බර් 30, 2025

ජර්මානු එක්සත් දින සැමරුම් උත්සවය අද (සැප්තැම්බර් 30) සවස කොළඹ හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලදී. මෙම උත්සවය එක්සත්කම සහ ප්‍රගතිය සංකේතවත් කරමින් ජර්මානු යලි එක්සත් වීමේ 34 වන සංවත්සරය සනිටුහන් කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)  ද, මෙම සැමරුමට සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස එක්විය.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ඇති ශක්තිමත් හා ගෞරවනීය සබඳතාවය පිළිබිඹු කරමින්, හිටපු ජනාධිපතිවරුන්, විපක්‍ෂ නායකවරයා, හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පුළුල් පරාසයක ආරාධිතයින් පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ගරු ආචාර්ය Felix Neumann මැතිතුමා සිය පිළිගැනීමේ කතාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා සහ සියලු සම්භාවනීය ආරාධිතයින් උණුසුම් ලෙස පිළිගත්තේය. දෙරට අතර දශක හතක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉස්මතු කළ ඔහු, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය මත පදනම් වූ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය අවධාරණය කළේය.

මෙම උත්සවය ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර කල් පවතින හා විකාශනය වන සම්බන්ධතාවය නැවත තහවුරු කළ තවත් එක් වැදගත් අවස්ථාවක් විය.