කොළඹ බේරේ වැව ආශ්‍රිතව ගුවන් යානා මෙහෙයුම් යළි ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වේ
ඔක්තෝම්බර් 03, 2025ශ්‍රී ලංකාවේ සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් ලබා දෙමින් කොළඹ බේරේ වැව ආශ්‍රිතව ජලය මත ගොඩබස්වන ගුවන් යානා මෙහෙයුම් නැවත හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ඔක්තෝබර් 3) දින බේරේ වැව පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද, සහභාගී විය.
කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් ජලය මත පාවෙන ගුවන් යානා මෙහෙයුම් යළි ආරම්භ කිරීම සංකේතවත් කරමින් එහි පළමු ගුවන් ගමන අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට බේරේ වැව දක්වා පියාසර කරනු ලැබූ අතර, මෙම නව මෙහෙයුම් ඔස්සේ සංචාරක ව්‍යාපාරය සහ දේශීය ගුවන් සේවා ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලැබීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මැතිතුමා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඒ අනුව, Saffron Aviation (Pvt) Ltd සමාගමට අයත් "Cinnamon Air" දේශීය ගුවන් සමාගම විසින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බේරේ වැව පරිශ්‍රයේ සිට දිවයින පුරා ප්‍රධාන ගමනාන්ත සම්බන්ධ කරමින් ගුවන් ගමන් මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කරනු ඇත.
මෙම වසරේ (2025) ජුනි මස මුලදී, ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා ආරම්භ කෙරුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේදී දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ වැදගත්කම මෙන්ම, මෙම මුලපිරීමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද, අවධාරණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් මෙන්ම, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙහෙයුම් සමාගම් නියෝජිතයින් ද, සහභාගී වූහ.
මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ආරක්‍ෂක, සංචාරක සහ ප්‍රවාහන අංශවල නියෝජිතයින් සහ පුද්ගලික අංශයේ සාමාජිකයින් සහභාගී වූහ.