2025 වසරේ තෙවැනි කාර්තුව සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටුවේ පළමු සැසිවාරය ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
ඔක්තෝම්බර් 03, 20252025 වසරේ තුන්වන කාර්තුව සඳහා වූ විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාව සහ රක්නා ආරක්‍ෂක ලංකා සමාගම (RALL) සම්බන්ධ කරුණු ආවරණය වන පරිදි පළමු සැසිය ඔක්තෝබර් 1 වන දින පවත්වන ලද අතර, රණවිරු සේවා අධිකාරිය (RSA), සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව (CSD) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල (KDU) රෝහල කෙරෙහි අවධානය යොමු කරන ලද දෙවන සැසිය අද (ඔක්තෝබර් 3) පැවැත්විණි.
මෙම සැසිවාර සඳහා යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය විගණකාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (ප්‍රසම්පාදන හා ව්‍යාපෘති) ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා සහ සිවිල් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මූල්‍ය කළමනාකරණය, විගණන නිරීක්‍ෂණ, වගවීමේ පියවර සහ පරිපාලන ක්‍රියා පටිපාටි සමාලෝචනය කිරීම කෙරෙහි මෙම රැස්වීමේදි අවධානය යොමු කරන ලදි. ත්‍රිවිධ හමුදාව සහ RALL තුළ ඇති සියලුම මූල්‍ය හා කළමනාකරණ මෙහෙයුම් වලදී විනිවිදභාවය, කාර්යක්‍ෂමතාව සහ යහපාලනයේ වැදගත්කම කමිටුව අවධාරණය කළේය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ විගණන සහ කළමනාකරණ කමිටුව, ආයතනික මුල්‍ය ක්‍රියාවලිය අධීක්‍ෂණය ශක්තිමත් කිරීම, නියමිත නීති හා රෙගුලාසි වලට අනුකූලතාවය සහතික කිරීම මෙන්ම, ජාතික ආරක්‍ෂාව සහ පරිපාලනය සඳහා දායකත්වය ඉහළ නැංවීම සඳහා වන ප්‍රධාන යාන්ත්‍රණයක් වශයෙන් අඛණ්ඩව ක්‍රියා කරනු ලබයි.