පකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ ආයතනයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 08, 2025

පකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ ආයතනයේ (National Radio and Telecommunication Corporation - NRTC) නියෝජිත පිරිසක් අද (ඔක්තෝබර් 08) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

මෙම හමුව අතරතුර, දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව, විශේෂයෙන්ම ආරක්‍ෂක ක්ෂේත්‍රයේ තාක්‍ෂණික දියුණුව සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ සිටින පකිස්ථාන ආරක්‍ෂක උපදේශකවරයා ද මෙම හමුවට සහභාගී විය.