පකිස්ථාන ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ ආයතනයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ඔක්තෝම්බර් 10, 2025පකිස්ථාන ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ ආයතනයේ (NRTC) නියෝජිත පිරිසක් අද (ඔක්තෝබර් 10) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
සුහද සාකච්ඡාව අතරතුර, දෙපාර්ශ්වයම ආරක්‍ෂක කටයුතුවලදී තාක්ෂණ හුවමාරු හවුල්කාරිත්වය ගොඩනැගීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පකිස්ථාන ආරක්‍ෂක උපදේශකවරයා ද සහභාගී විය.