ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 21, 2025

ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලය නියෝජනය කරමින් කර්නල් Brandon Wood ගේ ප්‍රධානත්වයෙන් එහි ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරනු ලබන නියෝජිත පිරිසක්, අද (ඔක්තෝබර් 21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී, ආරක්‍ෂක ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් අමාත්‍යාංශය වෙත පැමිණි ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද මෙම අවස්ථාවට සහභාගී වූහ.