ඉන්දීය නව සහකාර ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 08, 2021

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මෑතකදී පත්වූ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් මහතා අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

මෙහිදී ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණි.

නියෝජ්‍ය ආරක්ෂක උපදේශක තනතුරට පත්වීමෙන් පසු ලුතිනන් කර්නල් සුෂිල් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.