ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදි විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කෙරේ
ඔක්තෝම්බර් 29, 2025විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තෝබර් 29) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මහජන දින වැඩසටහන පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන මගින් විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට මෙන්ම දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට හා ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබා දෙන ලදි.
වැඩසටහන අතරතුර, ඔවුන්ගේ ඉල්ලීම්වලට අවධානයෙන් සවන් දුන් ආරක්‍ෂක ලේකම්වරයා එහිදී ඉස්මතු වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර, එම සුභසාධන වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මෙම අවස්ථාව රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ හා රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය දරන අඛණ්ඩ කැපවීම යළිත් පිළිබිඹු කරයි.