ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ වතිකානු රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික
සබඳතාවල ස්වර්ණ ජයන්තිය සමරයි
නොවැම්බර් 05, 2025
ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ වතිකානු රාජ්‍යය (Holy See) අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (නොවැම්බර් 4) දින කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබුණි.
වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු Paul Richard Gallagher පියතුමා, කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.
සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අතිඋතුම් අගරදගුරු Paul Richard Gallagher පියතුමා විසින් පවත්වනු ලැබූ අතර විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා විසින් ද, දේශනයක් පවත්වන ලදි.
මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, විදෙස් තානාපතිවරුන්, ගරු පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ආගමික නායකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.