ආරක්‍ෂක ලේකම්වරයා දැනට ක්‍රියාත්මක ප්‍රධාන ජාතික ආපදා පෙර සූදානම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කරයි
නොවැම්බර් 17, 2025ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම සහ අවම කිරීමේ වැඩසටහන් පිළිබඳ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (නොවැම්බර් 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ අංශයේදී පැවැත්විණි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් ආපදා කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යාපෘති තුනක ප්‍රගතිය සමාලෝචනය කරන ලදි. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ සහ ස්ථායිකරණ ව්‍යාපෘතිය (CRISMP), අවදානම් මත පදනම් වූ ගොඩනැගිලි සහ නඩත්තු කළමනාකරණ ව්‍යාපෘතිය (RLBMMP), සහ ඩොප්ලර් කාලගුණ රේඩාර් පිහිටුවීමේ ව්‍යාපෘතිය යන වැඩසටහන්වල වර්තමාන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආපදා පුරෝකථනය සහ පෙරසූදානම ඉහළ නැංවීම සඳහා එකී ව්‍යාපෘතිවල කාර්යභාරය පිළිබඳව නිලධාරීන් විසින් සාකච්ඡා කරනු ලැබුහ.
තවද, වෙනත් ආපදා කළමනාකරණ ව්‍යාපෘති කිහිපයක සූදානම ද මෙහිදී තක්සේරු කරන ලද අතර, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත කාල සීමාවන්වලදී අවශ්‍ය අයවැය ප්‍රතිපාදන ලබාදීමේ අවශ්‍යතාවය ද, අවධාරණය කරන ලදී.
එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා මනාව සම්බන්ධීකරණ වූ ජාතික ප්‍රයත්නයක වැදගත්කම අවධාරණය කළ අතර, ස්වභාවික ආපදා මෙන්ම, මිනිසා විසින් ඇති කරන ලද ආපදා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගීතාවය වැඩි දියුණු කරන ලෙසත්, සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කරන ලෙසත්, නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.