කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
නොවැම්බර් 20, 20252025 නොවැම්බර් 19 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි පැවැත්වෙන කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නියෝජිත පිරිස එරට ජාතික ආරක්‍ෂක උපදේශක ගරු Ajit Doval, KC මහතා ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූහ.
එහිදී ආරක්‍ෂාව සම්බන්ධව අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පුළුල් පරාසයක කරුණු ආවරණය කරමින් සාධනීය සංවාදයක නිරත වූහ. ඒ අනුව, කොළඹ ආරක්‍ෂක සමුළුව තුළින් ප්‍රවර්ධනය කෙරෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ප්‍රධාන කුළුණු වශයෙන් සැලකෙන සමුද්‍රීය ආරක්‍ෂාව හා සුරක්‍ෂිතතාව තහවුරු කිරීම, ත්‍රස්තවාදයට හා රැඩිකල්කරණයට එරෙහි වීම, නීතිවිරෝධී ජාවාරම් හා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඬලීම, සයිබර් ආරක්‍ෂාව මෙන්ම, මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් යන ප්‍රධාන ක්ෂේත්‍රවලට අනුකූල වන පරිදි අන්තර් සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.