දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ
නොවැම්බර් 25, 2025දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව (CADP 2025) අද (නොවැම්බර් 25) දින ගල්කිස්ස Mount Lavinia හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආපදා අවධානම් පිළිබඳ විශේෂඥයින් සහභාගී වේ. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන අවධානය යොමු කෙරේ.
“Building Resilience Through Media: For a Cleaner, Greener, and Safer Tomorrow.” යන තේමාව ඔස්සේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, අද පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා සහභාගී විය. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගරු ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක් වුයේය.
මෙම සමුළුව ඔස්සේ දේශගුණික හා කාලගුණික අභියෝග සඳහා සූදානම් වීම පිණිස ප්‍රජාවන් දැනුවත් කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ පෙර සුදානම සඳහා ප්‍රජාව බලගැන්වීම යන කරුණු සඳහා මාධ්‍ය ආයතන ඉටු කරන අතිශය වැදගත් කාර්යභාරය ඉස්මතු කරනු ලැබීය.
ආසියා ශාන්තිකර විකාශන සංගමය (Asia-Pacific Broadcasting Union - ABU) සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන CADP 2025 සමුළුවේ මුලික අරමුණ වන්නේ ආපදා පෙර සූදානම පිළිබඳ වාර්තාකරණය ප්‍රවර්ධනය කිරීම, ප්‍රජා මූලික දේශගුණික සන්නිවේදන ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා වන දිගුකාලීන කලාපීය සහයෝගිතාව පෝෂණය කිරීමයි.
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ආසියා ශාන්තිකර විකාශන සංගමයේ මහලේකම් Ahmed Nadeem මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මනෝජ නදීශන අමරසිංහ මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.