ශ්‍රී ලංකා ගුවන් හමුදාව “නිකවැරටිය” සහ “දොම්පේ” ගංවතුරට
හසු වූ පුද්ගලයන් පස් දෙනෙකු මුදාගනි

නොවැම්බර් 29, 2025

උත්සන්න වන ගංවතුර තත්ත්වයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද උදෑසන (නොවැම්බර් 29) හදිසි මුදාගැනීමේ මෙහෙයුම් දෙකක් (02) සාර්ථකව සිදුකරන ලදි.

පාලවිය ගුවන් හමුදා කඳවුරේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන බෙල් - 412 වර්ගයේ හෙලිකොප්ටරයක් මඟින් නිකවැරටිය ප්‍රදේශයේ සිර වී සිටි භික්ෂූන් වහන්සේ නමක් ද, ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙකු මුදා ගන්නා ලදි. එම පිරිස ආරක්‍ෂිතව ගුවනින්, නියමිත ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

තවද, බෙල් - 412 හෙලිකොප්ටරයක්, රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් මෙහෙයුම් කටයුතු වලට එක් වී, දොම්පේ ප්‍රදේශයේ ඉහළ යන ගංවතුරට හසු වී, සිර වී සිටි එක් පුද්ගලයකු ගුවනින් මුදාගෙන, ඔහු ද ආරක්‍ෂිතව ස්ථානගත කිරීම සිදු කරන ලදි.