ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි
නොවැම්බර් 29, 2025ශ්‍රි ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල, කින්නියා මල්ලපච්චෙනායි, කන්තලේ, මූතුර් සාෆි නගර්, කලාඔය, ගෝමරන්කඩවල, රැල් පාලම, ගල්ලෑල්ල සහ අළුත්ගම බෝගමුව යන ප්‍රදේශ ආවරණ වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයින් 69 දෙනෙකු මුදාගැනීමටත්, 1241 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.