තවත් ඉන්දීය යුධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් ආපදා සහන සේවා මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිණේ
දෙසැම්බර් 03, 2025පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ආධාර සැපයීමේ අරමුණින් තවත් ඉන්දීය යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් හා අංගසම්පුර්ණ පහසුකම්වලින් සමන්විත ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවීමට අවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය සමඟින් ඊයේ (දෙසැ. 02) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූහ. දිවයිනට පැමිණි එම කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරල්, මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Mandeep Singh Negi විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
73 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම, ගංවතුර හා නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවටපත් මහියංගණය ප්‍රදේශයේ ජනතාව සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ මානුෂීය සහාය ලබාදීම පිණිස යෙදවීමට නියමිතය.