ජර්මානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
දෙසැම්බර් 05, 2025ජර්මනියේ ෆෙඩරල් ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Klaus Willi Merkel අද (දෙසැ. 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
කර්නල් Merkel සමඟ නවතමයෙන් පත් වූ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් Marco Hellgrewe ද මෙම අවස්ථාවට සහභාගී වුයේය.
ජර්මානු ආරක්‍ෂක උපදේශක නිලධාරීන් උණුසුම් ලෙස පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා ඉන් අනතුරුව ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වුයේය. සාකච්ඡාව අවසානයේ මෙම හමුවේ ඇති වැදගත්කම සනිටුහන් කරමින් සිහිවටන හුවමාරුවක්ද, සිදු කෙරිණ.