දේශය යළි ගොඩනැංවීම සඳහා ක්‍රියාත්මක 'Rebuild Sri Lanka'
ජාතික වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ පුර්ණ සහාය
දෙසැම්බර් 08, 2025
පසුගිය සමයේ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරමින් සිටී. තවදුරටත් ආපදාවට ලක්වූ ප්‍රදේශවල රැඳී සිටින හමුදා සාමාජිකයන් අවශ්‍ය පියවර වහාම ගනිමින් පීඩාවට පත් ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමටත්, ප්‍රධාන ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන ප්‍රයත්න සඳහා උපායමාර්ගිකව සහාය වීමටත් කටයුතු කරති. 'Rebuild Sri Lanka’' වැඩසටහන යටතේ රට යළි යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික ක්‍රියාවලිය තුළ ඔවුන් කාර්යක්‍ෂම හා ඒකාබද්ධ ප්‍රතිචාරයක් සහතික කිරීම සඳහා කටයුතු කරති.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ බොහොමයක ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් ඇති විය. ත්‍රිවිධ හමුදා ඉංජිනේරු ඒකක විසින් රජයේ මුලික යාන්ත්‍රණයට අනුගත වෙමින් නායයෑම් හේතුවෙන් මාර්ග හා නිවාස වලට සිදුව තිබු අවහිරතා ඉවත් කිරීම, මුලික ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ හානියට පත් පොදු ස්ථාන හා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට සහාය වෙමින් සිටී. ඒ අතර හානියට පත් ජල පිරිපහදු මුලාශ්‍ර හා යන්ත්‍රෝපකරණ ප්‍රතිසංස්කරණය කිරීමට උපකාර කිරීම සිදු කෙරේ. තවදුරටත් අවතැන් කඳවුරු වල තවදුරටත් රැඳී සිටින හා සිය නිවෙස් වල මුලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින විපතට පත් ජනතාවට අවශ්‍ය කෙරෙන තාවකාලික නවාතැන් සැපයීම සහ ආහාර, පිරිසිදු ජලය හා වෛද්‍ය ආධාර සැපයීම, මෙන්ම නියමිත වේලාවට එම ජනතාවට ආහාර ලැබෙන බව සහතික කරමින් ජංගම මුළුතැන්ගෙය හා බෙදාහැරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම දිගටම සිදු කරනු ලබයි. තවද, රොන්මඩ හා සුන්බුන් වලින් හානියට පත් නිවාස සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම, අවශ්‍යතා සහිත පවුල්වලට සහායවීම සහ ආධාර බෙදා හැරීම සඳහා අවශ්‍ය සැපයුම් ක්‍රියාවලියට සහාය ලබාදීම සඳහා ද ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිති.
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික සියලු සංවිධාන අතර පවතින අඛණ්ඩ සම්බන්ධීකරණය, පශ්චාත්-ආපදා අවධියේ සාර්ථකත්වය සඳහා තීරණාත්මකව බලපාන අතර, සියලු රටවැසියන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහා ජාතික ආරක්‍ෂාවේ පුරෝගාමීන් වන ත්‍රිවිධ හමුදාවේ නොසැලෙන අධිෂ්ඨානය හා කැපවීම පෙන්නුම් කරයි.