ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් MI-17V5 හෙලිකොප්ටරයක් ශ්‍රී ලංකාවේ
ආපදා සහන මෙහෙයුම් සඳහා එක්වෙයි
දෙසැම්බර් 10, 2025
මෙරට අඛණ්ඩව සිදු කෙරෙන ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් Mi-17 (V5) හෙලිකොප්ටරයක් ඊයේ (දෙසැ. 09) දින ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය තහවුරු කරයි.
විංග් කමාන්ඩර් Nagesh Kumar ගේ නායකත්වයෙන් යුතුව 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ හදිසි ආපදා සහන (HADR) ද්‍රව්‍ය තොගයක් රැගත් මෙම යානය තවදුරටත් ක්‍රියාත්මක අත්‍යවශ්‍ය මානුෂීය මෙහෙයුම් සඳහා සහායවීමේ අරමුණින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් සිදු කෙරෙන මෙම යෙදවීම මඟින්, ආපදා කළමනාකරණය සහ මානුෂීය මෙහෙයුම් සඳහා දෙරටේ ගුවන් හමුදා අතර පවතින අන්තර් සහයෝගීතා ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කෙරේ. දිවයිනට පැමිණි සහන සේවා කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් විසින් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරේදී පිළිගනු ලැබීය.