සහන සැපයුම් රැගෙන ඉන්දීය නාවික නෞකා මෙරටට
දෙසැම්බර් 10, 2025අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට මානුෂීය ආධාර සැපයීම සඳහා INS Gharial ඇතුළු ඉන්දීය නාවික නෞකා හතරක් සහ (L-51, L-54 සහ L-57) දෙසැම්බර් 07 සහ 08 යන දිනවල ශ්‍රී ලංකාවට ළඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්හිදී සම්ප්‍රදායික නාවික චාරිත්‍රය සහිතව එම නැව් පිළිගනු ලැබීය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද සහන තොගය, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා, අමාත්‍ය වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ රජයේ නිලධාරීන් ඉදිරියේ නිල වශයෙන් භාරදෙන ලදී. මෙම ආධාර ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා උපකාරී වන අතර, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගිතාවය පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය පවසයි.