ආරක්‍ෂක ලේකම්වරයා DSCSCහිදී දේශනයක් පවත්වයි

දෙසැම්බර් 10, 2025

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (දෙසැම්බර් 10) ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 19 හි පාඨමාලා සාමාජිකයන් හට දේශනයක් පැවැත්වීය.

අද උදෑසන මාකොළ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනා විධායක මේජර් ජෙනරල් ශාන්ත හේවගේ විසින් පිළිගනු ලැබීය.

පාඨමාලා අංක 19 සඳහා දේශීය සහභාගිවන්නන් 123 දෙනෙකු සහ මිත්‍රශීලී විදේශීය රටවල් වෙතින් නිලධාරීන් 26 දෙනෙකු ඇතුළත් වේ.

අනාගත හමුදා නායකයින් හැඩගැස්වීමේදී ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි කාර්යභාරය අගය කළ අතර, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක භූ දර්ශනයේ කැපී පෙනෙන පරිවර්තනයද ඉස්මතු කළේය. තවද, ඩිජිටල් ඒකාබද්ධ කිරීම සහ වැඩිදියුණු කළ තත්ත්‍ව දැනුවත්භාවය තුළින් අණ සහ පාලන යාන්ත්‍රණය නවීකරණය කිරීම සමඟ තියුණු, වඩා දක්‍ෂ සහ තිරසාර බලවේගයක් නිර්මාණය කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ගේ හැකියාවන් දියුණු කිරිමද  ඔහු අවධාරණය කළේය.

නවෝත්පාදන සහ උපායමාර්ගික චින්තනය වර්ධනය සඳහා නිලධාරීන් දිරිමත් කරන අතරම තාක්‍ෂණික දියුණුව, ඒකාබද්ධ මෙහෙයුම්, අන්තර් ක්‍රියාකාරීත්වය සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදි.