කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි සිසුන් විසින් ආපදා සහන ආධාර
තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාර දෙයි
දෙසැම්බර් 10, 2025
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත ලබාදීමේ අරමුණින් සහන ද්‍රව්‍ය තොගයක් අද (දෙසැම්බර් 10) දින ආරක්‍ෂක අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දෙන ලදි.
එම විද්‍යාලයේ නියෝජිත කණ්ඩායමක් විසින් ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා වෙත මෙම පරිත්‍යාගය ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී භාර දෙනු ලැබීය.
"නාලන්දා සත්කාර 2025" මානුෂීය වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම මුලපිරීම, ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකික ජනතාව වෙත සහාය වීම සඳහා නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සාමූහික ප්‍රයත්නයකි. ඒ අනුව මෙම සහන ද්‍රව්‍යවලට වියළි ආහාර සලාක, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ.
නාලන්දා විද්‍යාලයේ විදුහල්පති යූ.ඩී. ඉරාන් චම්පික සිල්වා මහතා, නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති මොහාන් ගුණදාස මහතා, නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හේෂාන් පාදුක්ක මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) හර්ෂ විතානාරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.