ආපදාවට පත් ජනතාව වෙනුවෙන් Platypus Link සහ Texlin Global සමාගම් වෙතින් ආධාර තොගයක් පරිත්‍යාග කරයි
දෙසැම්බර් 11, 2025Platypus Link (පුද්) සමාගම සහ Texlin Global (පුද්) සමාගම එක්ව දිවයින පුරා ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට ලක් වූවන් වෙත ලබාදීමට අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.
මෙම පරිත්‍යාග තොගය අද (දෙසැම්බර්11) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් නිල වශයෙන් භාර ගනු ලැබීය.
මෙම අවස්ථාවට Platypus Link (පුද්) සමාගම සහ Texlin Global (පුද්) සමාගම් නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරී, මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) සහභාගී වුයේය.