ආපදා සහන කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ
සේවා වනිතා ඒකකයට පරිත්‍යාගයක්

දෙසැම්බර් 11, 2025

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම වෙනුවෙන් වටිනා ළදරු ඇඳන් තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට ලබාදීම අද (දෙසැම්බර් 11) දින සිදුවන ලදි.

මෙම පරිත්‍යාග කරන ලද ළදරු ඇඳන් තොගය, කන්තලේ රෝහලේ සිටින බිළිඳුන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිනැමීමට නියමිතව ඇත.

පරිත්‍යාග කරන ලද භාණ්ඩ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛදය රසිකා පෙරේරා මහත්මිය විසින් නිල වශයෙන් භාර ගන්නා ලදි.

මෙම පරිත්‍යාගය සඳහා දායකත්වය ලබා දී ඇති එයාර් වොයිස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්‍ෂ එච්.බී. නලින් හේරත් මහතා සහ ඩීසල් ඇන්ඩ් හයිඩ්‍රොලික් ඉංජිනියර්ස් (පුද්) සමාගම වෙනුවෙන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අකිල සිල්වා යන මහත්වරු මෙම අවස්තාවට සහාභාගි වන ලදි .