ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ සහාය

දෙසැම්බර් 15, 2025

ආපදා තත්ත්වයන් හේතුවෙන් ගමනා ගමන කටයුතු සිදුකිරීමට අපහසු පුස්සැල්ලාව සිට ෆ්‍රොටොෆ්ට් වතුයාය දක්වා වන ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ යතුරු පැදි අටක් යොදවනු ලැබූ අතර, ඔවුන් විසින් කමිල්තාන් ප්‍රදේශයේ පවුල් 48 ක් සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදි.