ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය ඇඟයීමට ලක්කරයි
දෙසැම්බර් 15, 2025දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සහ වෘත්තීය විශිෂ්ටත්වය අඟයමින් මෙරටට පැමිණි එම ඉන්දීය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේදී පවත්වන ලදී.
ලුතිනන් කර්නල් ජග්නීත් ගිල්ගේ නායකත්වයෙන් යුත් 85 දෙනෙකුගෙන් සමන්විත එම ඉන්දීය වෛද්‍ය කණ්ඩායම විසින් 2025 දෙසැම්බර් මස 02 දින සිට දෙසැම්බර් මස 12 දින දක්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ඌව පළාතේ මහියංගනය ප්‍රදේශයේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සහන සේවා කටයුතු වල නියැලෙන ලදී.
මෙම කාලය තුළදී එම වෛද්‍ය කණ්ඩායම විසින් ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 7,000 කට අධික සංඛ්‍යාවකට වෛද්‍ය, ශල්‍යකර්ම සහ දන්ත ප්‍රතිකාර සේවාවන් ලබා දෙන ලදී.
එම වෛද්‍ය නිලධාරින් විසින් එහිදී තම සායනික විශේෂඥතාව, මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ කැපවීම තුලින් ව්‍යසනයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් වෙත ඔවුන්ගේ කඩිනම් ප්‍රතිචාරය සහ වෛද්‍ය සේවාවන් මඟින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා කඩිනම් දායකත්වයක් ලබාදෙන ලදී.
ඔවුන්ගේ එම ආදර්ශමත් සේවය ඇඟයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් නිකුත් කරන ලද ඇඟයීමේ ලිපිය ප්‍රදානය කරන ලද අතර, පසුව දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව දෙරට අතර පවතින දීගු කාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම සංකේතවත් කළ අතර, එමඟින් දෙරටේ යුද්ධ හමුදාවන් සහ යුද්ධ හමුදාධිපතිවරුන් අතර ඇති සහයෝගීතාවය මෙන්ම අනාගතය හමුදා සබඳතා ශක්තිමත් කිරීමි සහ මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර දැක්වීමේදී අනෝන්‍ය සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කමද පෙන්නුම් කළේය.
අනුග්‍රහය - www.army.lk