ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්‍ෂණය කරයි
දෙසැම්බර් 14, 2025
යුද්ධ හමුදා භටපිරිස්හි සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හිදී එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
ත්‍රිකුණාමලය ප්‍රදේශය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc විසින් ලෙස පිළිගන්නා ලදී.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 22 වන පාබල සේනාංක මෙහෙයුම් මැදිරිය වෙත පැමිණි අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් එම ප්‍රදේශයේ මේ වන විට සිදුකරනු ලබන මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලදී.
මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නීලපොළ ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර, එහිදී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා දායක වෙමින් ආපදාවෙන් හානියට පත් වූ මාර්ග යලි ඉදිකිරීම සඳහා කටයුතු කරනු ලබන 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 110 ක පමණ පිරිසක් ද හමුවූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ යුද්ධ හමුදා භටපිරිස්හි සහාය ඇතිව සිදුකරනු ලබන ගල්ලෑල්ල ප්‍රදේශයේ පොළොන්නරුව-මඩකලපුව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්‍ෂණය කළේය.
එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කල යුද්ධ හමුදාධිපතිතුමන් ඉහළ වෘත්තීයභාවයෙන් හා කැපවීමෙන් යුතුව තම රාජකාරීන් ඉටු කරන ලෙස භටපිරිස් වෙත උපදෙස් ලබාදෙමින් ජාතික සංවර්ධනය සහ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා සිදුකරනු ලබන මෙම කාර්යයන් වෙනුවෙන් භටපිරිස් හි දායකත්වය ඇගයීමට ලක් කළේය.
අනුග්‍රහය - www.army.lk