නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයේදී සාමූහික ප්‍රයත්නයකින් වැඩ කිරීමට සැමට ආරාධනා කරයි
ජනවාරී 01, 2026නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජනවාරි 01) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සම්ප්‍රදායිකව නව වසරෙ වැඩ ආරම්භ කිරීමේ සහ රාජ්‍යය සේවකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.
රැස්ව සිටි පිරිස අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාතිය නැවත ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය අවධාරණය කළ අතර, ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය. මෑතකාලීන ස්වාභාවික විපත් ප්‍රතිචාර දැක්වීමේදී සියලුම පාර්ශ්වකරුවන් විසින් ලබා දුන් දායකත්වය පිළිබඳව ඔහු අවංක කෘතඥතාව පළ කළේය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද උත්සවය අමතමින්, රට නැවත ගොඩනැගීමේදී සහ අනාගතයේ අභිවෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමේදී එකමුතුකමේ සහ එකිනෙකාගේ රාජකාරී වගකීම් නිසියාකාරව ඉටුකිරීමේ වැදගත්කම සියලු දෙනාටම මතක් කර දුන්නේය.
උත්සවය අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ධජය එසවූ අතර, මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඉන්පසු, අමාත්‍යාංශයේ සියලුම සාමාජිකයින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම සිදුකරන ලදි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.