ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අම්පාර මූලික රෝහලට දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් පරිත්‍යාග කරයි
ජනවාරී 09, 2026රෝගී ප්‍රජාවට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සේවා සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිතා කෙරෙන ඇඳන් හතරක් (04) අද (ජන. 09) දින පරිත්‍යාග කරන ලදි.
එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වූ කෙටි උත්සවයකදී මෙම පරිත්‍යාග නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත භාර දීම සිදු වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන ඔස්සේ මෙරට ආරක්‍ෂක හා සෞඛ්‍ය ක්‍ෂේත්‍ර අතර පවතින සමීප සහයෝගීතාවය සහ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය මනාව පිළිබිඹු වේ.