ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ජනවාරී 13, 2026ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (විදේශ සහයෝගිතා සහ නාවික බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula, අද (ජන. 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.
එහිදී දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය. විශේෂයෙන්ම සමුද්‍රීය සහ කලාපීය වශයෙන් ආරක්‍ෂක ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ සම්බන්ධතාවයේ සහ ශක්තිමත් සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.