ඉන්දීය නාවික හමුදාවේ සහකාර මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක නියෝජ්‍ය
අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 14, 2026

ඉන්දීය නාවික හමුදාවේ සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානි (විදේශ සහයෝගීතාව සහ බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula අද (ජනවාරි 14) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමුවිය.

ඉතා සුහදශීලි අයුරින් පැවැති මෙම හමුවේදී දෙරටටම වැදගත් වන පොදු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදි අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අඛණ්ඩ සබඳතාවය සහ සමීප සහයෝගිතාවයේ වැදගත්කම ද මෙහිදි වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ද, සහභාගි විය.