ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 16, 2026

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. ජයවීර අද (ජන. 16) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මේජර් ජෙනරල් ජයවීර ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් ඉටුකළ කැපී පෙනෙන සේවය සහ වටිනා දායකත්වය අගය කරන ලදී. මේජර් ජෙනරල් ජයවීරගේ නායකත්වය පිළිබඳව විශ්වාසය පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය විශිෂ්ටත්වයේ ඉහළ නැංවීමටත්, එහි අඛණ්ඩ වෘත්තීයභාවය තහවුරු කිරීමටත් ඔහුගේ නායකත්වය යටතේ හැකි වනු ඇති බවටත් සිය විශ්වාසය පළ කළේය.