ඕමාන් සහ ඉන්දුනීසියානු නාවික හමුදාවන්ට අයත් යුධ නෞකා දෙකක් කොළඹට ළඟා වෙයි

ජනවාරී 22, 2026

ඕමාන් රාජකීය නාවික හමුදාවට සහ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් විදෙස් නාවික යුධ නෞකා දෙකක් මෙරට නිල සංචාර සිදු කිරීමේ අරමුණින් අද (ජන. 22) දින කොළඹ වරායට සේන්දු වූහ. ඕමාන් නාවික හමුදාවට අයත් AL SEEB නෞකාව සහ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI SULTAN ISKANDAR MUDA - 367 නෞකාව මෙලෙස දිවයිනට පැමිණියේ එම නෞකා වල සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව කොළඹ වරායට පැමිණි එම නෞකා පිළිගනු ලැබීය.

මීටර් 90.7ක් දිගැති 'Sigma class corvette' වර්ගයේ නෞකාවක් වන KRI Sultan Iskandar Muda - 367 හි අණදෙන නිලධාරියා ලෙස කමාන්ඩර් Annugerah Anurullah කටයුතු කරන අතර, මීටර් 75ක් දිගැති AL SEEB නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කමාන්ඩර් Hamad bin Mohammed Aldarmaki කටයුතු කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය වාර්තාවට අනුව, මෙම නෞකා ද්විත්වයෙහි කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙරට රැඳී සිටින කාලය තුළ දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.