78 වන ජාතික නිදහස් දින සැමරුම උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි
ජනවාරී 29, 2026මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ඒ. එච්. එම්. එච්. අබයරත්න, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී මාධ්‍ය ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, 2026 පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වය පිළිබඳ විස්තර අනාවරණය කළේය.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදාවන් ජාතික ශිෂ්‍ය භට බලකාය සමඟ එක්ව ආචාර පෙළපාලියේ හමුදා උත්තමාචාර කණ්ඩායම්, තූර්ය වාදක කණ්ඩායම්, සංස්කෘතික අංග, පෙළපාලි විශේෂාංග සහ අනෙකුත් අත්‍යවශ්‍ය සහායක රාජකාරී සඳහා දායකත්වය ලබා දෙනු ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී සම්ප්‍රදායික උත්තමාචාර වෙඩි මුර පවත්වන අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් 412 සහ 212 හෙලිකොප්ටර් යානා මගින් පෙළපාලියට සමගාමීව ගුවන් සංදර්ශනයක් (fly-past) පවත්වනු ලබන බවයි.
ප්‍රධාන උත්සවයට පෙර, එහි කටයුතු සුමටව සහ නිරවද්‍යව සිදුකිරීම සහතික කිරීම සඳහා එළඹෙන ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා කාලය තුළ පූර්ණ නිල ඇඳුමින් යුත් සහ කාලය ගණනය කිරීමේ පෙරහුරු ඇතුළු පෙරහුරු කටයුතු ආරම්භ කරන බව ද ඔහු දැනුම් දුන්නේය. ප්‍රධාන සැමරුම් උත්සවය පෙබරවාරි 04 වන දින උදෑසන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පෙළපාලියේ උත්සව රාජකාරිවලට අමතරව, රජයේ “Clean Sri Lanka” සංකල්පයට අනුකූලව ත්‍රිවිධ හමුදාව විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් ජාතික සංවර්ධනය, මහජන සේවය සහ සිවිල් වගකීම් වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම යළිත් තහවුරු කෙරෙනු ඇත.