මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
පෙබරවාරි 05, 2026ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු H.E. Masood Imad අද (පෙබරවාරි 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. දෙරට අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, මාලදිවයින සමඟ පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළිත් තහවුරු කළේය.
මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Fathimath Ghina මැතිනිය ද සහභාගී විය.