ආරක්‍ෂක ලේකම්වරයා චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයට සහභාගී වෙයි
පෙබරවාරි 10, 2026කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (පෙබරවාරි 09) පැවති චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වූයේය.
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම විචිත්‍රවත් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong මැතිතුමා විසින් උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සහ ඉදිරිපත් කිරීම් ඔස්සේ මෙම උත්සවයට අලංකාරයක් එක්කර තිබිණ.
හිටපු ජනාධිපතිවරුන්, පාර්ලිමේන්තුවේ කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, විදෙස් තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ විවිධ රටවල තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ශක්තිමත් අන්‍යොන්‍ය සහයෝගීතාවය මෙම උත්සවයේදී මැනවින් පිළිබිඹු විය.