ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ

පෙබරවාරි 10, 2026

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම අද දින (පෙබරවාරි 10) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සේවා වනිතා ඒකකයේ සභාපතිනී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර, එහිදී එම ඒකකය මඟින් අත්කරගත් ප්‍රධාන ජයග්‍රහණ, දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සභාපතිනිය කරුණු ඉදිරිපත් කළාය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය.