ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
පෙබරවාරි 17, 2026ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු Wiebe De Boer මැතිතුමා අද (පෙබරවාරි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.
ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණි නෙදර්ලන්ත තානාපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායී අන්දමින් පැවැත්විණි. මෙහිදී දෙරටටම වැදගත් වන පොදු කරුණු රාශියක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගුකාලීන අන්තර් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ප්‍රවේශයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.
අඛණ්ඩව පවත්වනු ලබන සාකච්ඡා සහ හවුල්කාරිත්වයන් හරහා සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී යළිත් තහවුරු කළ අතර ඒ පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කළේය.
මෙම හමුව සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව තානාපතිවරයා සිය කෘතඥතාව පළ කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන ක්ෂේත්‍රයන්හිදී ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට නෙදර්ලන්තයේ ඇති කැමැත්ත යළි තහවුරු කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ නියෝජ්‍ය තානාපති Iwan Rutjens මැතිතුමා ද සහභාගී විය.