ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙන් රණවිරු පවුලකට මානුෂීය ආධාර
පෙබරවාරි 20, 2026ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 20) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආධාර පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙහිදී රණවිරු පවුලක දරුවෙකුගේ කෘත්‍රිම පාදයක් නවීකරණය කිරීම වෙනුවෙන් මූල්‍ය ආධාර පිරිනැමීම සිදුකරන ලදි. රට දැය සමය වෙනුවෙන් උදාර මෙහෙවරක් ඉටුකළ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය අඛණ්ඩව කැපවී සිටි.