තුන්වන චාල්ස් රජතුමාගේ ජන්ම දිනය සැමරීමේ උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි
මාර්තු 06, 2026තුන්වන චාල්ස් රජතුමාගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (මාර්තු 05) කොළඹ ITC Ratnadeepa හෝටලයේ පැවැත්වුණු නිල භෝජන සංග්‍රහයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වූහ.
බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය සැමරීම සඳහා වූ මෙම සම්භාවනීය උත්සවයට මෙරට ආරක්‍ෂක්ෂක අංශ නියෝජනය කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා එක්වූහ. මෙහි ප්‍රධාන අමුත්තා ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා සහභාගී වූයේය. උත්සවයට පැමිණි අමුත්තන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු Andrew Patrick මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එහිදී පිළිගැනීමේ දේශනය සිදුකළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳ කරුණු අවධාරණය කළ අතර, ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කළේය.
තවද, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් රාජධානිය දක්වන කැපවීම ඔහු යළිත් තහවුරු කළේය.
මෙම විචිත්‍රවත් සාදය සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මෙම අවස්ථාව දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ශක්තිමත් හවුල්කාරිත්වය මනාව පිළිඹිබු කරන්නක් විය.