ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,841 දක්වා ඉහළට

පෙබරවාරි 28, 2021

අද (පෙබරවාරි 28) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 82,889 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් තිස් පස් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයන් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් 62 ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 59 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 51 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 253 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 28) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 79,224 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 76,979 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (පෙබරවාරි 27) දින තවත් PCR පරීක්ෂණ 12,632 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මෙරට කොවිඩ් -19 හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 748 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 78,372 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 4,053 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 96 ක් යටතේ පුද්ගලයින් 9,667 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.