එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර්තු 04, 2021

එකසත් ජනපදයේ පැසිෆික් කලාපයේ ගුවන් හමුදා ප්‍රධානී ජෙනරල් කෙනෙත් එස් විල්ස්බැච්, ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අමාත්‍යාංශයේ දී අද (මාර්තු 04) දින හමුවිය.

ආරක්ෂක ලේකම්වරයා සහ ජෙනරල්වරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව හා අනාගත අභියෝගයන් පිළිබඳව හමුවේ දී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම හමුවීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ අද්මිරාල්වරයා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.