බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් අතර හමුවක්

මාර්තු 04, 2021

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මසිහුස්සමාන් සෙර්නියාබාත් අතර හමුවක් අද (මාර්තු 04) දින අමාත්‍යාංශයේදී පැවත්විණි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා සමඟ බංග්ලාදේශ හමුදාපතිවරයා රටවල් ද්විත්වය සඳහාම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම හමුවීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.