නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 670 ක් නාවික හමුදා අත්අඩංගුවට

මාර්තු 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (6) දින පුත්තලම සෙරක්කුලිය වෙරළ තීරයේදී වියළි කහ කිලෝ ග්‍රෑම් 670 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනෙකු, වියළි කහ පිරවූ ගෝනි 33 ක් සහ වල්ලම් යාත්‍රා දෙකක් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 37ත් 52ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පල්ලිවාසල්තුරේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසිය.