යාපනයේ කාන්තා දින සැමරුමට රණවිරු සහාය

මාර්තු 09, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ගර්භනී සහ වැන්දඹු කාන්තාවන් වෙත වියළි සලාක පාර්සල් 1,000 ක් බෙදා දිමේ වැඩසටහනක් පසුගියදා චුන්නාකම් දකුණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි

යුද හමුදා ආරංචි මාර්ග වලට අනුව මෙම වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබේ.

සුප්‍රසිද්ධ පෞද්ගලික සංවිධාන විසින් අනුග්‍රහය දක්වන ලද මෙම ව්‍යාපෘතිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්ෂණයෙන් මෙහෙයවන ලදි. එය සිවිල් අංශ හා හමුදාවන් අතර සහයෝගීතා අරමුණු කරගත් සමාජ සත්කාර ක්‍රියාකාරකම්වල තවත් පියවරකි.

වැඩසටහන තුළින් පදිංචිකරුවන් විශාල පිරිසකට ප්‍රතිලාභ ලැබුණි.

මෙම අවස්ථාවට ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, අනුග්‍රාහක සංවිධානවල නියෝජිතයින් ද සහභාගී වූහ.