ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

මාර්තු 10, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතා , ඊයේ (මාර්තු 09) දින පත් කර තිබේ.

ඒ අනුව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් නව මාණ්ඩලික ප්‍රධානීවරයාට ඊයේ පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ දී පත්වීම් ලිපිය ලබා දෙන ලදී.