යුද හමුදාව, යාපනය කතෝලික දේවස්ථානය සමගින් එලදුමඩ්ඩුවාල්හි රුක් රෝපණ වැඩසටහනක්

මාර්තු 12, 2021

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව, සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධව එලදුමඩ්ඩුවාල් ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.

“කරිටාස් පවුලෙන් උතුරට මිතුදම් චාරිකාවක්” යන තේමාව යටතේ අඹ, දොඩම්, පේර, කොස්, කජු සහ දෙළුම් ආදී පැළ වර්ග 2000 කට අධික ප්‍රමාණයක් මෙහිදි රෝපණය කරන ලදී.

යාපනය අගරදගුරු ආචාර්ය ජස්ටින් බී ඥාණප්‍රගාසම් හිමිපාණන් ඇතුළු ආගමික පූජකවරුන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යාපනය සහකාර දිස්ත්‍රික් ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව, සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ භටපිරිස් මේ සඳහා සහභාගී වූහ.