ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමු ස්ථානයක් යුද හමුදාවෙන් වටලයි

මාර්තු 13, 2021

නැගෙනහිර ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විශේෂ බළකායේ භටපිරිස් විසින් ඊයේ (මාර්තු 12) දින ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩදැමීම සඳහා යොදාගත් වාහන සහ අනෙකුත් මෙවලම් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

භටපිරිස් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදී වැලි ජාවාරමේ නිරත පිරිස ඔවුන්ගේ මෙවලම් සහ ට්‍රැක්ටර් අතහැර දමා පලා ගොස් ඇති බව යුද හමුදාව පවසයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් වාහන සහ අනෙකුත් මෙවලම් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිසිය වෙත භාර දී ඇත.