යුද හමුදාව ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

මාර්තු 14, 2021

දීර්ඝකාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබූ ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා  අරඹන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් ගිරිබාව ප්‍රදේශයේ සිදුකළ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේ දී විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර දෙන මෙන් එම විද්‍යාලයේ සිසුන්, දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් මෙම  ඉල්ලිම ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දී ඇති අතර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පළවන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ ශ්‍රමය  හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.