යුද හමුදාවෙන් සිසුන් සඳහා පාසල් උපකරණ

මාර්තු 25, 2021

යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වර්ධනය කරමින් මුලතිව් මන්නකන්ඩාල් දෙමළ ප්‍රාථමික පාසලේ සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් පසුගිය දිනක පවත්වන ලදී.

අභ්‍යාස පොත්, කියවීමේ සහ ඉගෙනුම් උපකරණ ඇතුළු පාසල් උපකරණ අඩංගු වටිනා තෑගි මළු ලබාදීම මෙහිදී සිදුවිය.

641 වන බලසේනාධිපති කර්නල් ජනක් ජයවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීන්, පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් මෙම උත්සවයට සහභාගී විය.

මේ අතර කිලිනොච්චි යුද හමුදා සාමාජිකයන් විසින් කිලිනොච්චි සිසුන් 250 කට අධික පිරිසකට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ දිළිඳු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීමේ අරමුණින් යුතුව විවිධ පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.