පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයන් සඳහා රෝහලක්

අප්‍රේල් 02, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ සුනඛයන් සඳහා පශු වෛද්‍ය රෝහලක් බූඔය ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේදී ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර විසින් විවෘත කරන ලදී.

ඉංජිනේරු සෙබළුන් විසින් ඉදිකරන ලද මෙම රෝහල ශල්‍යාගාරයක්, නවීන වෛද්‍ය උපකරණ සහිත වාට්ටුවක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

සුනඛයින් හසුරුවන්නන් 29 දෙනෙකු සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයන් 24 දෙනෙකු පුහුණුවෙන් පසු විසිරයාමේ උත්සවයද එදිනම බූඔය හි පැවැත්විණි.
 
ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ අනෙකුත් සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.